පෙර ලිපියෙන් පැහැදිලි කල දෙය (link),දළ වශයෙන් ඉහත රූප සටහන් වලින් මේ පැහැදිලි කිරීම කරන්න උත්සහ කලා.නමුත් මේ ධර්මතාවය රූප සටහන් වලින් පෙන්නන්න බැහැ.ඒක තවත් දෘශ්ටියක් වෙනවා.ප්රායෝගික වෙමින් තමන් තුල මෙය අත් දකින්න ඕන.
ඇත්තටම මෙතන ලිහා ගන්න තියෙන්නේ මනායතනයේ සිදුවන ක්රියාවලියයි.මොකද ඇස ,කණ ,නාසය,දිව ,කය යන ආයතනය නොවෙයි, ප්රශ්නය.ඒ ආයතන වල හට ගන්න ස්කන්ධත් නොවෙයි ප්රශ්නය.
එතකොට මෙතන වැදගත්ම කාරණය තමයි,"මම" කියන දෘශ්ටිය ගොඩ නැගීම.
ස්කන්ධ පංචකය ඇති තැන ,"මම" කියන සංකල්පය ගොඩ නැගිලා.
හදුනාගන්න "මම".
ස්කන්ධ පංචකයට කියන නමක් තමයි "මම".
නමුත් මේ යතාර්තය නොදකින තැන,ස්කන්ධ පංචකය "මම වෙලා,මගේ වෙලා,මගේ ආත්මය වෙලා".
සෝතාපන්න ආර්ය ශ්රාවකයා,මේ වරද දකිනවා.වරදින් තාම මිදුනෙ නැහැ.රහත් ඵලයේදි තමයි ,මේ සිදුවන වරදින් මිදෙන්නේ.
සකෘදාගාමී ආර්ය ශ්රාවකයා,අනාගාමී වෙන්නත්,
අනාගාමී ආර්ය ශ්රාවකයා,රහත් වෙන්නත්, කරන්න තියෙන්නේ යෝනිසෝමනසිකාරය පවත්වන්න තමයි.
එහෙනම් ,මේ පැහැදිලි කිරීම නැවත නැවත කියවලා හරි,යෝනිසෝමනසිකාරය හඳුනාගන්න බලන්න.අපිට දිනන්න පුලුවන්.
No comments:
Post a Comment