Friday, March 29, 2013

Clutch Balancing හා ඤාණය වැඩීම


සිදුහත් බෝසතාණන් වහන්සේ විවිධ ආචාර්යවරු යටතේ භාවනාව ප්‍රගුණ කලා.රූපී ධ්‍යාන විතරක් නොවෙයි අරූපී ධ්‍යානත් උපදවා ගත්තා.නමුත් උන්වහන්සේ මේවා අතහැර ගයා ශීර්ෂයට වැඩියේ මේ මම සොයන මග නොවේය ..යැයි පවසමින්. ඊලඟට උන් වහන්සේ බුද්ධත්වයට පත් වී ලෝකයට ප්‍රකාශ කලේ"පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු" පෙර නොඇසූ විරූ දහමක් මා අවබෝධ කලා .. කියලයි.එහෙනම් ඒ අර කලින් ලබා ගත් ධ්‍යාන ගැන නම් නොවේ ප්‍රකාශ කලේ.ධ්‍යාන වඩා බුද්ධත්වයට පත් වෙනවනම් ඒක අශ්ඨසමාපත්තිය ලැබුනු මොහොතේම වෙන්න තිබුනා. එහෙනම් බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරන්නේ "පෙර ඇසූ දහමක් මා අවබෝධ කලා" කියලයි. ඉතින් අපි බුදුහාමුදුරුවෝ අත හැරපු දෙයක් අල්ලගෙන දැඟලුවාට මාර්ගයක් හමුවෙයිද? නැත.
ඒනිසා සිල්රැක්කාට සමාධි වැඩුවාට ප්රඥාව නම් හමුනොවේ. හින්දු යෝගින් අදත් ඉන්දියාවේ හිමාලයේ සමාධි වඩමින් විවිධ ධ්යාන වඩමින් සිටිනවා. ධ්යාන ලබාගැනීමට සිත කෙසේ හෝ සංවර විය යුතුය. නමුත් ඔවුන්ට කවමදාවත් මාර්ගයක් නම් හමු නොවේ.
ඒඔවුන් දර්ශනයෙන් යුක්ත නොවන නිසයි. යොනිසෝමනසිකාරය හා අයොනිසෝමනසිකාරයනොහඳුනන නිසයි.
දර්ශනය කියන්නේ චතුරාර්ය සත්යයටයි .පස්සෙ බලමු චතුරාර්ය සත්යය ගැන..
ප්‍රඥාවයනු කුමක්දැයි දැන එය ලැබීමට සමාධිය වැඩිය යුතුය.සිල් රැකිය යුතුය.
නිවන්මග නොදැන යන ගමනක් නොවේ.
ඒමග ගිය ආර්ය පුද්ගලයකුගෙන් මිස වෙන කාටද මඟ කිව හැක්කේ? නිසා සොයන්න වෙහෙසෙන්න .එවැනි පුද්ගලයකු.ඔහුම තමයි කල්යාණ මිත්රයා.
නොදන්නමාර්ගයක් ගැන ,නොදන්න ඵලයක් ගැන ධර්මය කටපාඩම් කල කෙනෙකු කෙසේ කියන්නද?
මාර්ග ඵල ලැබීම ක්ෂනික කම්පනයකින්,ඔලුවට තද පහරක් වැදුන විට දැනෙන්නා සේ,සියල්ල එක විට අකුණක් ගසන්නා සේ, පහල වන දෙයක් නොවේ.කලක් යාතාර්තය දැකීම පිනිස සිත මෙහෙය වන වැඩ පිලිවෙලකි.
සිතන්න,ඔබ වාහනයක් එලව්පු මුල්ම දවස.

එදා ඔබ වාහනය පිලිබඳව සියලු දැනුමින් සන්නද්ද වුවත්,"වාහනය පැදවීම" නැමැති ඥාණය වැඩී නැති නිසා ඔබට නිසි ලෙස වාහනය හැසිරවිය නොහැක. ගියර් මාරු කිරීම,බ්‍රේක් යෙදීම,Clutch Balancing නිසි ආකාරයට සිදු කල නොහැක.ඒ ඥාණය වැඩී නැති නිසයි. නමුත් ඔබ ආයාසයෙන් කැමැත්තෙන් මහන්සියෙන් කලක් වාහනය පැදවීම ප්‍රායෝගිකව පුහුනු කරන විට කෙමෙන් කෙමෙන් ඒ ඥාණය ගොඩ නැගෙයි.එය ක්ෂනික දෙයක් නොවේ.ඥාණය කාලයත් සමග ගොඩ නැගෙන දෙයකි.ඉන්ද්‍රිය නානාත්වය මත කාලය තීරනය වේ. මෙසේ වාහනය එලවීම පුරුදු වන විට යම් දවසකින් පසු ඔබට නිරායාසයෙන්ම වාහනය පැදවිය හැක.ගියර් මාරු කිරීම, Clutch Balancing , බ්‍රේක් ගැසීම කිසිදු ආයාසයකින් තොරවම සිදුවෙයි. ඒ ඔබේ,"වාහනය පැදවීම" නැමැති ඥාණය වැඩී ඇති නිසයි. එය ජීවිත කාලයටම පවතී.නැවත වාහනයක්, අර මුල් දවසේ පැදවූ ආකාරයට කිසි කලෙක නොපදවයි.මැරෙන තුරු එය වෙනස් නොවේ
එලෙසම මේ දුකින් නිදහස් වීමේ ක්‍රියාවලිය තුල යොනිසෝමනසිකාරය ක්‍රියාත්මක කිරීමේදී එම ඥාණයන් ක්‍රමයෙන් වැඩෙයි. කාලය තීරණය වන්නේ කැපවීම මහන්සිය සිතේ නිසල බව මතයි

පූර්ව ප්‍රතිපදාව


පූර්වප්රතිපදාව

මෙයආදි බ්රහ්මචරියාව,විපස්සනා සම්මා දිට්ඨිය යන නම් වලින් හඳුන්වයි.

සිතන්න,අප සිටිනා තැනට ඈතින් අධිවේගී මාර්ගයක් තිබෙනවා.අධිවේගී මාර්ගය නිවන් පුරට යන මාර්ගය යැයි සිතන්න.අපි මාර්ගයට පිවිසුනොත් ,ඒකාන්තයෙන් නිවනටමයි යන්නේ. කියන්නේ අපි මාර්ගස්ථ වූවොත්,සෝවාන් වූවොත් ඒකාන්තයෙන්ම නිවනෙ තමයි නවතින්නේ.


අපිඉන්නේ මහා වනාන්තරයක.පඹ ගාලක පැටලිලා. අපි මෙතන ඉඳන් දන් දුන්නට සිල් රැක්කට භාවනා කලාට, අපට කියන්න බැහැ අපි මාර්ගස්ථයි කියලා.අපිත් මග වඩනවා කියලා,අපි ආර්ය අශ්ටාංගික මාර්ගය වඩනවා කියන්න බැහැ. එහෙම කියන්න නම් අපි අර අධිවේගී මාර්ගයට පිවිසෙන්න ඕන නේද. එහෙනම් පලමුවෙන්ම අධිවේගී මාර්ගයට යෑමට පොඩි පාරක් දැනගෙන සිටිය යුතුය.

එහෙමපාර සොයන අතරමං වෙච්ච කෙනෙක්ට යන්නට දස දිශාවක් තියෙනවා යන්න.අපි සියලු දේ අතහැර නිවන් මග සොයමින් වේගයෙන් වෙන දිශාවකට ගියොත් ඒත් අධිවේගී මාර්ගය කවමදාවත් හමුනොවේ.අධිවේගී මාර්ගය දෙසට හැරී බඩගාගෙන හරි ගියොත් කවදා හරි මාර්ගයට යා හැක.

 

එහෙනම් හරි පැත්තට හැරී හිමින් හිමින් හරි අපි යමු...

 

Thursday, March 28, 2013

මාර්ගඵල මනින මීටරය

සංසාර භය දැනෙනවානම් දුකින් නිදහස් වෙන්න ඕන නම් ,ඕනෑම කැපකිරීමක් කරන්න සූදානම් නම් පලමුව  සිත නිදහස් කර ගන්න.සැහැල්ලු වන්න. නිවන් මග සරලයි .නමුත් සියුම්. අදියර 2යි තියෙන්නේ. පලමුව, අදියර 2 හොඳින් දැන ගන්න ඕන (ජානාති) .ඊලඟට පජානාති .එනම්, දැන ගත් දේ නුවනින් දැකිය යුතුය.

(1) පූර්ව ප්රතිපදාව (ආදි බ්රහ්ම චරියාව,විපස්සනා සම්මාදිට්ඨි)
(2) ප්රතිපදාව(බ්රහ්ම චරියාව,චතුසච්ච සම්මාදිඨි,නිවන් මග)

මේවා වෙනවෙනම පසුව කතාකරමු.

පලමු අදියර සම්පූර්න නොකර දෙවන අදියරට යන්න බැහැ. නිසා පලමු අදියර ජීවිත කාලයම හෝ වැයකර සම්පූර්ණ කරගත යුතුය. යම් හෙයකින් එය දැන නමුත් දැකිය නොහැකි උනොත් මරණ මොහොතේ හරි සිහිකරන්න. කවම දාවත් අසරණ නොවේ.එතනින් නොනැවතුනොත් සුගතියකමයි ඉපදෙන්නේ. ධර්ම කථික දෙවිවරුන්ගෙන් බණ අසා මාර්ග ඵල ලබනවා.නොමැතිනම් අනාගාමී වෙනවා.බ්රහ්ම ලෝකයේම නිවන් යනවා.නැතිනම් පසේ බුදු වෙනවා සංසාරයේ.නැතිනම් බුදුන් වහන්සේ නමකින් සතර පද ගාථාවක් අසා රහත් වෙනවා.එතරම් වටින්නා වූ ධර්මයක් මේ කියන්න යන්නේ.බුදුවරුන්ගේ පිහිට ,මහා කරුණාවට ගෝචර වන්නේ සංසාරයේ මේ ධර්මය දකින්න උත්සහ කල අයටයි.ඔබත් තාම මාර්ගයක් දන්නේ නැතිනම් මෙය කියවා තමන්ගේ නුවණින් දකින්න උත්සහ කරන්න.
 ඉන්ද්රිය නානත්වය හා කැප කිරීම අනුවයි අවබෝධ වන කාලය තීරනය වන්නේ.
වෙනත් කවුරුන් හෝ මගඵල ලබලාද කියා නොව තමන් දුකින් නිදහස් වීමට වෑයම් ගන්න.අනුන් ගැන සොයන එක නවතන්න.තමන් ගැන සොයන්න.නිහඬතාවය අගය කරන්න.සිත නිදහස්ව විවේකීව තබන්න. එවිට මේ කියන ධර්මය දකින්න හැකිවේවි.
යම් කෙනෙකුට පහත පරිදි අතීත,වර්තමාන,අනාගත තුන් කාලය පිලිබඳ සැක පහල වේ නම් ඔහු තවමත් සසරේ අතරමං වූ පෘතග්ජන පුද්ගලයෙකි.
බලන්න ,පහත පරිදි ඔබටත් ඔබ ගැන මෙහෙම අදහස් පහල වෙනවද කියලා

අතීතයේ මම සිටියාද?
අතීතයේ මම සිටියේ නැද්ද?
අතීතකාලයෙහි මම කවරෙක් වූයෙම්ද?
අතීත කාලයෙහි කෙබඳු සටහන් ඇත්තෙක් වූයෙම්ද?
මම අතීත කාලයෙහි  කවරෙක්ව සිට කවරෙක් වූයෙම්ද?
මම අනාගතයේ ඉපදෙයිද?
මම අනාගතයේ ඉපදෙන්නේ නැතිද?
අනාගත කාලයෙහි කවරෙක් වන්නෙම්ද?
(මෙහෙමත් හිතෙන්න පුලුවන්.
මනුස්සයෙක් වෙයිද?,දෙවියෙක් වෙයිද? දෙපා සතෙක් වෙයිද?බහුපා සතෙක් වෙයිද? බඩගාන සතෙක් වෙයිද?)
අනාගත කාලයෙහි කෙබඳු සටහන් ඇත්තෙක් වන්නෙම්ද?
මම මතු කල්හි කවරෙක්ව කවරෙක් වන්නෙම්ද?
ඉපදීමෙහි පටන් මරණය දක්වා ඇති මේ කාලයෙහිද තමා කෙරෙහි එසේද මෙසේදැයි සැක ඇත්තේ වෙයි.
කෙසේදයත් ,
මම ඉන්නවද?
මම නැද්ද?
මම කව්ද?
කිනම් සටහණක් ඇත්තෙක් වෙම්ද?
මේ සත්ව තෙමේ කොතනින් ආයේද?
හෙතෙම කොහි යන්නෙක් වන්නේද?
සබ්බාසව සූත්රයේ මේ ටික මුලින්ම කියා තිබෙනවා.
බලන්න ඔබත් මෙවැනි අදහස් වලින් යුක්තද කියලා.
 අතීත ,අනාගත, වර්තමාන තුන් කාලය පිලිබඳ සැක මුසු අදහස් තියෙනවද කියලා. මෙයින් කියවෙන්නේ, ඔබ තවමත් යෝනිසෝමනසිකාරය හා අයෝනිසොමනසිකාර නොහඳුනන බවෙහි ලක්ෂණයයි. එනම් තවමත් නිවන් මග හමුවී නොමැති බවයි.
ඔබ කල්‍යාණ මිත්‍රයෙකුගෙන් සද්ධර්ම ශ්‍රවණය කර යෝනිසෝමනසිකාරය හඳුනාගත්තානම් මම ගැන මෙවැනි අදහස් පහල විය නොහැකිය.
අවවාදයයි. ඉහත දැක්වූ අදහස් තිබෙන මාර්ගඵල ලාභීන් ගෙන් ටිකක් ප්රවේසම් වන්න.සෝතාපන්න නැද්ද කියලා දැන ගන්න තියෙන හොඳම විදියයි මේ.
මොකද සෝතාපන්න අංග (කල්යාණ මිත් ආශ්රය,සද්ධර්ම ශ්රවණය,යෝනිසෝමනසිකාරය,ධර්මානුදම්ම ප්රතිපදාව) දැනගත් පුද්ගලයාටයි ආශ්රවක්ෂය කරන ප්රතිපදාවක් හමුවන්නේ. ඉහත පරිදි මම ගැන අතීතය ,වර්තමානය,අනාගතය ගැන විවිධ අදහස් පහල වෙනවානම් තවමත් ඔහු අශෘතවත් පෘතග්ජනයෙකි.
අශෘතවත් පෘතග්ජනයා ,
මෙනෙහි කලයුතු දේ නොහඳුනයි .
මෙනෙහි නොකල යුතු දේ නොහඳුනයි.
මෙනෙහි කලයුතු දේ මෙනෙහි නොකරයි.
මෙනෙහි නොකල යුතුදේ මෙනෙහි කරයි.
මෙය මිත්යා දෘශ්ටියයි. 
පලමු අදියර(පූර්ව ප්‍රතිපදාව) ගැන මීලඟ කොටසින්....