Thursday, March 28, 2013

මාර්ගඵල මනින මීටරය

සංසාර භය දැනෙනවානම් දුකින් නිදහස් වෙන්න ඕන නම් ,ඕනෑම කැපකිරීමක් කරන්න සූදානම් නම් පලමුව  සිත නිදහස් කර ගන්න.සැහැල්ලු වන්න. නිවන් මග සරලයි .නමුත් සියුම්. අදියර 2යි තියෙන්නේ. පලමුව, අදියර 2 හොඳින් දැන ගන්න ඕන (ජානාති) .ඊලඟට පජානාති .එනම්, දැන ගත් දේ නුවනින් දැකිය යුතුය.

(1) පූර්ව ප්රතිපදාව (ආදි බ්රහ්ම චරියාව,විපස්සනා සම්මාදිට්ඨි)
(2) ප්රතිපදාව(බ්රහ්ම චරියාව,චතුසච්ච සම්මාදිඨි,නිවන් මග)

මේවා වෙනවෙනම පසුව කතාකරමු.

පලමු අදියර සම්පූර්න නොකර දෙවන අදියරට යන්න බැහැ. නිසා පලමු අදියර ජීවිත කාලයම හෝ වැයකර සම්පූර්ණ කරගත යුතුය. යම් හෙයකින් එය දැන නමුත් දැකිය නොහැකි උනොත් මරණ මොහොතේ හරි සිහිකරන්න. කවම දාවත් අසරණ නොවේ.එතනින් නොනැවතුනොත් සුගතියකමයි ඉපදෙන්නේ. ධර්ම කථික දෙවිවරුන්ගෙන් බණ අසා මාර්ග ඵල ලබනවා.නොමැතිනම් අනාගාමී වෙනවා.බ්රහ්ම ලෝකයේම නිවන් යනවා.නැතිනම් පසේ බුදු වෙනවා සංසාරයේ.නැතිනම් බුදුන් වහන්සේ නමකින් සතර පද ගාථාවක් අසා රහත් වෙනවා.එතරම් වටින්නා වූ ධර්මයක් මේ කියන්න යන්නේ.බුදුවරුන්ගේ පිහිට ,මහා කරුණාවට ගෝචර වන්නේ සංසාරයේ මේ ධර්මය දකින්න උත්සහ කල අයටයි.ඔබත් තාම මාර්ගයක් දන්නේ නැතිනම් මෙය කියවා තමන්ගේ නුවණින් දකින්න උත්සහ කරන්න.
 ඉන්ද්රිය නානත්වය හා කැප කිරීම අනුවයි අවබෝධ වන කාලය තීරනය වන්නේ.
වෙනත් කවුරුන් හෝ මගඵල ලබලාද කියා නොව තමන් දුකින් නිදහස් වීමට වෑයම් ගන්න.අනුන් ගැන සොයන එක නවතන්න.තමන් ගැන සොයන්න.නිහඬතාවය අගය කරන්න.සිත නිදහස්ව විවේකීව තබන්න. එවිට මේ කියන ධර්මය දකින්න හැකිවේවි.
යම් කෙනෙකුට පහත පරිදි අතීත,වර්තමාන,අනාගත තුන් කාලය පිලිබඳ සැක පහල වේ නම් ඔහු තවමත් සසරේ අතරමං වූ පෘතග්ජන පුද්ගලයෙකි.
බලන්න ,පහත පරිදි ඔබටත් ඔබ ගැන මෙහෙම අදහස් පහල වෙනවද කියලා

අතීතයේ මම සිටියාද?
අතීතයේ මම සිටියේ නැද්ද?
අතීතකාලයෙහි මම කවරෙක් වූයෙම්ද?
අතීත කාලයෙහි කෙබඳු සටහන් ඇත්තෙක් වූයෙම්ද?
මම අතීත කාලයෙහි  කවරෙක්ව සිට කවරෙක් වූයෙම්ද?
මම අනාගතයේ ඉපදෙයිද?
මම අනාගතයේ ඉපදෙන්නේ නැතිද?
අනාගත කාලයෙහි කවරෙක් වන්නෙම්ද?
(මෙහෙමත් හිතෙන්න පුලුවන්.
මනුස්සයෙක් වෙයිද?,දෙවියෙක් වෙයිද? දෙපා සතෙක් වෙයිද?බහුපා සතෙක් වෙයිද? බඩගාන සතෙක් වෙයිද?)
අනාගත කාලයෙහි කෙබඳු සටහන් ඇත්තෙක් වන්නෙම්ද?
මම මතු කල්හි කවරෙක්ව කවරෙක් වන්නෙම්ද?
ඉපදීමෙහි පටන් මරණය දක්වා ඇති මේ කාලයෙහිද තමා කෙරෙහි එසේද මෙසේදැයි සැක ඇත්තේ වෙයි.
කෙසේදයත් ,
මම ඉන්නවද?
මම නැද්ද?
මම කව්ද?
කිනම් සටහණක් ඇත්තෙක් වෙම්ද?
මේ සත්ව තෙමේ කොතනින් ආයේද?
හෙතෙම කොහි යන්නෙක් වන්නේද?
සබ්බාසව සූත්රයේ මේ ටික මුලින්ම කියා තිබෙනවා.
බලන්න ඔබත් මෙවැනි අදහස් වලින් යුක්තද කියලා.
 අතීත ,අනාගත, වර්තමාන තුන් කාලය පිලිබඳ සැක මුසු අදහස් තියෙනවද කියලා. මෙයින් කියවෙන්නේ, ඔබ තවමත් යෝනිසෝමනසිකාරය හා අයෝනිසොමනසිකාර නොහඳුනන බවෙහි ලක්ෂණයයි. එනම් තවමත් නිවන් මග හමුවී නොමැති බවයි.
ඔබ කල්‍යාණ මිත්‍රයෙකුගෙන් සද්ධර්ම ශ්‍රවණය කර යෝනිසෝමනසිකාරය හඳුනාගත්තානම් මම ගැන මෙවැනි අදහස් පහල විය නොහැකිය.
අවවාදයයි. ඉහත දැක්වූ අදහස් තිබෙන මාර්ගඵල ලාභීන් ගෙන් ටිකක් ප්රවේසම් වන්න.සෝතාපන්න නැද්ද කියලා දැන ගන්න තියෙන හොඳම විදියයි මේ.
මොකද සෝතාපන්න අංග (කල්යාණ මිත් ආශ්රය,සද්ධර්ම ශ්රවණය,යෝනිසෝමනසිකාරය,ධර්මානුදම්ම ප්රතිපදාව) දැනගත් පුද්ගලයාටයි ආශ්රවක්ෂය කරන ප්රතිපදාවක් හමුවන්නේ. ඉහත පරිදි මම ගැන අතීතය ,වර්තමානය,අනාගතය ගැන විවිධ අදහස් පහල වෙනවානම් තවමත් ඔහු අශෘතවත් පෘතග්ජනයෙකි.
අශෘතවත් පෘතග්ජනයා ,
මෙනෙහි කලයුතු දේ නොහඳුනයි .
මෙනෙහි නොකල යුතු දේ නොහඳුනයි.
මෙනෙහි කලයුතු දේ මෙනෙහි නොකරයි.
මෙනෙහි නොකල යුතුදේ මෙනෙහි කරයි.
මෙය මිත්යා දෘශ්ටියයි. 
පලමු අදියර(පූර්ව ප්‍රතිපදාව) ගැන මීලඟ කොටසින්....

No comments:

Post a Comment