මෝටර් රථයක් ලබා ගැනීම කාගෙත් සිහිනයකි.
නමුත් එයින් ලෝක යතාර්තයක් දැකිය හැකිනම්,ඊටත් වඩා වටිනවා.ටිකක් විමසලා බලමු.
පහත රූපයේ මොටර් රථයක සියලු කොටස් ගලවා ඇත.
මෝටර් රථය යනු කුමන කොටසද? කියලා විමසුවොත්, මේ එක කෑල්ලක් වත් නොවෙයි, මෝටර් රථය.
කොටස් සියල්ල (හේතු) එකතු වූ විටයි මෝටර් රථය(ඵලය) හට ගන්නේ.
එක කෑල්ලක් හෝ( හේතුවක්) නොමැති නම් මෝටර් රථයද(ඵලය) නැති වෙනවා.
තේක, පිටි නොවේ.
තේක, සීනි නොවේ.
තේක,තේ කොල නොවේ.
තේක,උනුවතුර නොවේ.
බලන්න ඵලය හේතුවලට අයිති නැහැ.
නමුත් මේ හේතු නොමැතිව තේ කියල යමක් හමුවෙන්නෙත් නැහැ.
එක හේතුවක් හෝ නැතිනම් ඵලයද නැතිවේ.
මෙතන දැකිය නොහැකි තවත් විශ්මිත ධර්මතාවයක් තියෙනවා.
අපි හැමදාම රසයි කිව්වේ... තේ එකයි(ඵලයයි)
නමුත් අපි නොදැනුවත්වම ඇත්තටම රසයි කියල තියෙන්නේ, පිටි,සීනි ,තේ කොල, උනුවතුරයි.නොවේද?.. නුවණින් විමසිලිවෙලා පොඩ්ඩක් හිතල බලන්න.
අපට හැමදාම මේ ලෝකයේ හමුවෙන්නේ...ඵලයයි. (හේතු ටික ප්රකට නැහැ.).
අපි කැමතියි හෝ අකමැතියි කියන්නේ,...ඵලයයි.
නමුත් ඇත්තටම අපි ඇලිල හෝ ගැටිල තියෙන්නේ,..හේතු සමගයි.
අපිට හේතු ටික ප්රකට කරගෙන ලෝකය දිහා බලන්න පුලුවන්නම්, යම් කිසි යතාර්ථයක් හඳුනාගත්තා වෙනවා.
කෙස්,ලොම්,නිය ,දත්,සම්,මස්,නහර,අස්ථි,ඇටමිදුලු,වකුගඩු,දලබු,අක්මා,පෙනහලු,ලේ,සැරව,සෙම්,සොටු,බඩවැල්,මල,මූත්රා,කෙල........... ආදී(හේතු) ඇති තැන,මනුස්සයකු,සත්වයකු (ඵලය) විද්යාමාන වේ.
කෙස් යනු,මනුස්සයාද?නැත.
ලොම් යනු,මනුස්සයාද?නැත.
නිය යනු,මනුස්සයාද?නැත.
දත් යනු, මනුස්සයද?නැත.
සම යනු, මනුස්සයද?නැත.
මස් යනු,මනුස්සයාද?නැත.
ලොම් යනු,මනුස්සයාද?නැත.
නිය යනු,මනුස්සයාද?නැත.
දත් යනු, මනුස්සයද?නැත.
සම යනු, මනුස්සයද?නැත.
මස් යනු,මනුස්සයාද?නැත.
.............ආදී වශයෙන් බැලුවොත් ,මේ හේතු එකක් වත් නොවෙයි, මනුස්සයා.
මේ හේතු ඇති තැන, හටගත් ඵලයයි,මනුස්සයා,සත්වයා.
අපට හමුවෙන්නේ, ඵලයයි, හේතු ටික වැහිලා.
අපි කැමති කියන්නේ, අකමැති කියන්නේ, මනුස්සයා (ඵලය).
අපට හමුවෙන්නේ, ඵලයයි, හේතු ටික වැහිලා.
අපි කැමති කියන්නේ, අකමැති කියන්නේ, මනුස්සයා (ඵලය).
මම කියන්නේ....,මගේ කියන්නේ...., දාල යන්න එපා කියන්නේ...,මැරෙන්න එපා කියන්නේ...,ලෙඩ වෙන්න එපා කියන්නේ...ඵලයයි.
නමුත් අපි ටිකක් නැවතිලා,..මෙතන තියෙන හේතුටික විමසල බැලුවොත්,
නිකම්ම තේරෙයි..මම,මගේ කියන්න වටින්නේ නැති,,ඇහැටවත් දකින්න අකමැති අසුබ ආසාර දුඟන්ධ පිලිකුල් ඒවාමයි ,අපි නොදැනුවත්වම ආසාවෙන් ලංකරගෙන තුරුල්කරගෙන තියෙන්නේ. ඔබ දෑසටවත් දකින්න අකමැති කුණුවෙන සැරව ගලන,පොලවට පස් වෙලා යන හේතු ඇති තැන හට ගත්ත ඵලයක් තමයි සසර පුරාවටම අල්ලාගෙන ඉන්නේ.
මේ ධර්මතාවය සිහි කිරීමෙන් රූපය පිලිබඳ රාගය ගොඩාක් දුරට අඩුවේ.
නියම ධර්මය තියෙන්නේ මෙතනින් එහාටයි. හැබැයි ,මේ හේතු ඵල සිද්ධාන්තයමයි.මේ ටික හොඳින් පුරුදු කලොත් ඉතිරි ටික ගොඩක් පහසුවේයි.
No comments:
Post a Comment