පූර්වප්රතිපදාව
සිතන්න,අප සිටිනා තැනට ඈතින් අධිවේගී මාර්ගයක් තිබෙනවා.අධිවේගී මාර්ගය නිවන් පුරට යන මාර්ගය යැයි සිතන්න.අපි මාර්ගයට පිවිසුනොත් ,ඒකාන්තයෙන් නිවනටමයි යන්නේ.ඒ කියන්නේ අපි මාර්ගස්ථ වූවොත්,සෝවාන් වූවොත් ඒකාන්තයෙන්ම නිවනෙ තමයි නවතින්නේ.
අපිඉන්නේ මහා වනාන්තරයක.පඹ ගාලක පැටලිලා. අපි මෙතන ඉඳන් දන් දුන්නට සිල් රැක්කට භාවනා කලාට, අපට කියන්න බැහැ අපි මාර්ගස්ථයි කියලා.අපිත් මග වඩනවා කියලා,අපි ආර්ය අශ්ටාංගික මාර්ගය වඩනවා කියන්න බැහැ. එහෙම කියන්න නම් අපි අර අධිවේගී මාර්ගයට පිවිසෙන්න ඕන නේද. එහෙනම් පලමුවෙන්ම අධිවේගී මාර්ගයට යෑමට පොඩි පාරක් දැනගෙන සිටිය යුතුය.
එහෙමපාර සොයන අතරමං වෙච්ච කෙනෙක්ට යන්නට දස දිශාවක් තියෙනවා යන්න.අපි සියලු දේ අතහැර නිවන් මග සොයමින් වේගයෙන් වෙන දිශාවකට ගියොත් ඒත් අධිවේගී මාර්ගය කවමදාවත් හමුනොවේ.අධිවේගී මාර්ගය දෙසට හැරී බඩගාගෙන හරි ගියොත් කවදා හරි ඒ මාර්ගයට යා හැක.
එහෙනම් හරි පැත්තට හැරී හිමින් හිමින් හරි අපි යමු...
No comments:
Post a Comment