ඒනිසා
සිල්රැක්කාට සමාධි වැඩුවාට ප්‍රඥාව නම් හමුනොවේ. හින්දු යෝගින් අදත් ඉන්දියාවේ හිමාලයේ සමාධි වඩමින් විවිධ ධ්‍යාන වඩමින් සිටිනවා. ධ්‍යාන ලබාගැනීමට සිත කෙසේ හෝ සංවර විය යුතුය.
නමුත් ඔවුන්ට කවමදාවත් මාර්ගයක් නම් හමු නොවේ.
ඒඔවුන් දර්ශනයෙන් යුක්ත නොවන නිසයි.
යොනිසෝමනසිකාරය හා අයොනිසෝමනසිකාරයනොහඳුනන නිසයි.
දර්ශනය කියන්නේ චතුරාර්ය සත්‍යයටයි .පස්සෙ බලමු
චතුරාර්ය සත්‍යය ගැන..
ප්රඥාවයනු කුමක්දැයි දැන එය ලැබීමට
සමාධිය වැඩිය යුතුය.සිල් රැකිය යුතුය.
නිවන්මග නොදැන යන ගමනක් නොවේ.
ඒමග ගිය ආර්ය පුද්ගලයකුගෙන් මිස වෙන කාටද ඒ මඟ කිව හැක්කේ? ඒ නිසා සොයන්න වෙහෙසෙන්න .එවැනි පුද්ගලයකු.ඔහුම තමයි කල්‍යාණ මිත්‍රයා.
නොදන්නමාර්ගයක් ගැන ,නොදන්න ඵලයක් ගැන ධර්මය කටපාඩම් කල කෙනෙකු
කෙසේ කියන්නද?
මාර්ග
ඵල ලැබීම ක්ෂනික කම්පනයකින්,ඔලුවට තද පහරක් වැදුන විට දැනෙන්නා සේ,සියල්ල එක විට
අකුණක් ගසන්නා සේ, පහල වන දෙයක් නොවේ.කලක් යාතාර්තය දැකීම පිනිස සිත මෙහෙය වන වැඩ
පිලිවෙලකි.
එදා
ඔබ වාහනය පිලිබඳව සියලු දැනුමින් සන්නද්ද වුවත්,"වාහනය පැදවීම" නැමැති
ඥාණය වැඩී නැති නිසා ඔබට නිසි ලෙස වාහනය හැසිරවිය නොහැක. ගියර් මාරු කිරීම,බ්රේක්
යෙදීම,Clutch Balancing නිසි ආකාරයට සිදු කල නොහැක.ඒ ඥාණය වැඩී නැති නිසයි. නමුත්
ඔබ ආයාසයෙන් කැමැත්තෙන් මහන්සියෙන් කලක් වාහනය පැදවීම ප්‍රායෝගිකව පුහුනු කරන විට
කෙමෙන් කෙමෙන් ඒ ඥාණය ගොඩ නැගෙයි.එය ක්ෂනික දෙයක් නොවේ.ඥාණය කාලයත් සමග ගොඩ නැගෙන
දෙයකි.ඉන්ද්රිය නානාත්වය මත කාලය තීරනය වේ. මෙසේ වාහනය එලවීම පුරුදු වන විට යම්
දවසකින් පසු ඔබට නිරායාසයෙන්ම වාහනය පැදවිය හැක.ගියර් මාරු කිරීම, Clutch
Balancing , බ්රේක් ගැසීම කිසිදු ආයාසයකින් තොරවම සිදුවෙයි. ඒ ඔබේ,"වාහනය
පැදවීම" නැමැති ඥාණය වැඩී ඇති නිසයි. එය ජීවිත කාලයටම පවතී.නැවත වාහනයක්, අර
මුල් දවසේ පැදවූ ආකාරයට කිසි කලෙක නොපදවයි.මැරෙන තුරු එය වෙනස් නොවේ
එලෙසම
මේ දුකින් නිදහස් වීමේ ක්‍රියාවලිය තුල යොනිසෝමනසිකාරය ක්‍රියාත්මක කිරීමේදී එම
ඥාණයන් ක්‍රමයෙන් වැඩෙයි. කාලය තීරණය වන්නේ කැපවීම මහන්සිය සිතේ නිසල බව මතයි